2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදුවූයේ යැයි කියන රුසියානු අතපෙවීම සම්බන්ධයෙන් FBI ආයතනය සිදුකරන පරීක්ෂණයේදී තමන් ඔවුන්ගේ ප්රශ්න කිරීම්වලට මුහුණදීමට සූදානමින් සිටින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
මේ සඳහා තම නීතීඥයන්ගේ උපදෙස් ලබාගනිමින් සිටින බව පවසන ට්රම්ප්, ඒ සමග තමන් එම ප්රශ්න කිරීම් ඉදිරියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව හෙතෙම සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේදී ට්රම්ප්ට වාසි ගෙනදෙන අයුරින් රුසියානු අතපෙවීමක් සිදුව ඇති බවට කෙරෙන චෝදනාව මැතිවරණය අවස්ථාවේදී පවා පැවතුණි. විශේෂයෙන්ම ඩිමොක්රටික් පක්ෂයෙන් එම චෝදනාව දැඩිව නැගුණි.
කෙසේ වෙතත්, ට්රම්ප් ජනාධිපතිවරයා මුල සිටම එය ප්රතික්ෂේප කරයි.