එක් දිනක් තුළදී බිලියනයකට (කෝටි 100කට) අධික පිරිසක් ෆේස්බුක් භාවිත කිරීම පසුගිය අගෝස්තු 24 වැනිදා සිදුව ඇති බව එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පවසයි.
ඒ අනුව, එදින ලෝකයේ සෑම පුද්ගලයන් හත් දෙනකුගෙන් එක් අයෙක් ෆේස් බුක් භාවිත කර ඇති බවත්, දිනක් තුළ ෆේස් බුක් පිවිසුමෙහි මෙතෙක් වාර්තා වී ඇති ඉහළම සංඛ්‍යාව මෙය බවත් ඔහු පවසයි.
සකර්බර්ග් සිය ෆේස්බුක් පිටුව මගින් මෙම අනාවරණය කර ඇත.
සාමාන්‍යයෙන් මාසයකදී ෆේස්බුක් වෙත පිවිසෙන ග්රාහකයන් ප්‍රමාණය කෝටි 150කට වැඩි බව මීට පෙර පැවසුණත්, එක දිනක් තුළ මෙතරම් පිරිසක් ඊට පිවිසිය හැකි බවට මතයක් නොතිබුණි.
ලොව පුරා ෆේස්බුක් භාවිත කරන්නන් කෝටි 100 ඉක්මවා ගියේ 2012 වසරේදී වන අතර, 2004 වසරේදී හාවඩ් විශ්වවිද්‍යාල සිසුවෙකු වූ සකර්බර්ග් ෆේස්බුක් සමාජජාලය ලෝකයට දායාද කළේය.