ෆේස්බුක් සමාජාල අඩවියේ කාර්තුමය ආදායම බලාපොරොත්තු වූවාට වඩා 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.
ලොව පුරා ජංගම දුරකථන භාවිතය ශීඝ්රයෙන් වැඩිවීම හරහා එම සමාජජාල අඩවියේ මොබයිල් ඇප් වැඩසටහන වඩාත් ප්රචලිත වීමද, සජීව වීඩියෝ ඇමතුම් හා වෙළෙඳ දැන්වීම් ආදියද මෙම ආදායම් වර්ධනයට හේතු වී තිබේ.
ඒ අනුව, ඊයේ දිනයේදී එම සමාගමේ කොටස් ගනුදෙනු 9.5% කින් පමණ ඉහළ ගොස් කොටසක වටිනාකම ඇ.ඩො.118.39ක මට්ටමට පැමිණ ඇති බවද වාර්තා වෙයි.
එම අගය මීට වසර හතරකට පෙර අදාළ කොටසක්, කොටස් වෙළෙඳ පොළට මුලින්ම නිකුත් කළ (ප්රාථමික වෙළෙඳ පොළේ අලෙවිය) අවස්ථාවේ කොටසක වටිනාකම මෙන් තුන් ගුණයක පමණ වර්ධනයක් බව කියැවෙයි.