ඥාති සංග්‍රහයක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින ප්‍රංශයේ ජනාධිපති අපේක්ෂක ප්රංශුවා ෆිලොන්ට ජනාධිපති අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන ලෙස රිපබ්ලිකන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් බල කර තිබේ.
තම ඥාතීන්ට ව්‍යාජ තනතුරු යටතේ වැටුප් ලබාදී ඇති බවට චෝදනා ලබා ඇති ෆිලොන් රිපබ්ලිකන් පක්ෂය අගාධයකට තල්ලු කර ඇති බව එරට හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වූ ඩොමිනික් ද්විල්පා කියයි.
එනමුදු, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන ෆිලොන් මෙම විරෝධතා මැඬලමින් ජනපති සටනට දිගින් දිගටම කරගෙන යන බව අවධාරණය කරයි.
මේ අතර, ජනාධිපති අපේක්ෂක ෆිලොන්ගේ නිවස වැටලීමක් සිදුකර තිබූ බවටත් තොරතුරු වාර්තා වූ අතර, ඔහු වෙනුවට එම පක්ෂයේම නියෝජනය කරන අලාන් ජුප්පේ තරග කරනු ඇති බවද කියවුණි.
කෙසේ වෙතත්, අලාන් ජුප්පේ මෙම මැතිවරණයේ ප්‍රාථමික ඡන්ද විමසීමේදී පරාජයට පත්වූවෙකි.