කියුබාවේ අසහාය නායක අභාවප්‍රාප්ත ෆිදෙල් කැස්ත්‍රෝගේ භෂ්මාවශේෂ සැන්තියාගෝ නුවර පිහිටි සුසාන භූමියක තැන්පත් කිරීම වත්මන් ජනපති හා ඔහුගේ සහෝදර රාවුල් කැස්ත්‍රෝගේ මූලිකත්වයෙන් සිදුවිය.
පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුවූ මෙම අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයන් හා කියුබානු ජනතාව විශාල වශයෙන් පැමිණ සිටියහ.
කියුබානු විප්ලවයේ ජන්ම භූමිය ලෙස සැලකෙන සැන්තියාගෝ නගරය වෙත විශේෂ රිය පෙරහරකින් එම භෂ්මාවශේෂ රැගෙන එන විට ජනතාව ෆිදෙල් දිකුකලැ වැජඹේවා යනුවෙන් කෑමොර දුන් බව විදෙස් වාර්තා පවසයි.
වෙනිසියුලාව, නිකරගුවාව, බොලීවියාව ආදී රටවල රාජ්‍ය නායකයන් මෙන්ම ආජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක මැරඩෝනාද අසහාය නායකයාට ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටියහ.
එමෙන්ම, හිටපු බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ ඩ්ලිමා රොයුසෙෆ් ආදීහුද මේ වනවිට අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් කියුබාවට පැමිණ තිබුණි.
කියුබාවේ අගනගරය වූ හැවානා නගරයේ සිට දින හතරක් පුරා පැවති අවමංගල්‍ය රිය පෙරහරකින් සිය අසහාය නායකයාගේ භෂ්මාවශේෂ රැගෙන යනවිට කියුබානු ජනතාව මග දෙපස සිට කියුබානු ධජය ලෙලදෙවමින් ඔහු වෙත ගෞරව පුද කළ බවද විදෙස් මාධ්‍ය සිහිපත් කරයි.
පසුගිය නොවැම්බර් 25 වැනිදා 90 වැනි වියේදී බටහිර බලවේගයන් හමුවේ නොනැසී හා නොනැමී ක්‍රියා කළ මේ අසහාය නායකයා දිවියෙන් සමුගත්තේය.