ඉන්දියාවේ නවදිල්ලි නුවර වයස අවුරුදු දෙකහමාරක දැරියක සමූහ දූෂණයකට ලක්කළේ යැයි කියන 17 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අසල්වාසීන්ගෙන් ලද තොරතුරු අනුව මෙම තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාව තුළ කාන්තා හා ළමා හිංසනය පිළිබඳ නවතම සිදුවීම ලෙස මෙය ජනතාව ප්‍රකෝප කරවන සිදුවීමක් බවට පත්ව තිබේ.
දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් මධ්‍යම රජයට චෝදනා කරන්නේ මෙම අපරාධ පාලනයට පොලීසිය හා නීතිය බලාත්මක නොකරන බවටයි.