සිරියාවේ හෝම්ස් නගරයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගිය පිරිසෙන් බහුතරය සාමාන්‍ය වැසියන් බවත්, ප්‍රහාරය පසුපස සිටින්නේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙම ප්‍රහාරය පසුපස සිටිය හැකි බවද කියැවෙයි.
සිරියාවේ ජනපති බෂර් අල් අසාද්ට පක්ෂපාතී පිරිස් ජීවත් වන ප්‍රදේශයක මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, බෝම්බ ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති නිසා මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බවටද විශ්වාස කෙරෙයි.