හොරබඩු ජාවාරම්වල නිරත කණ්ඩායම් පාලනය කිරීම සඳහා වෙනිසියුලාව පැය 72ක කාලයක් සඳහා කොලොම්බියාව අතර දේශසීමා වසා දමා තිබේ.
වෙන්සියුලා ජනපති නිකොලාස් මදූරෝ පවසන්නේ මෙම දේශසීමා ආශ්රිත මාෆියා කල්ලි විසින් එරට ආර්ථිකයට බලවත් හානියක් සිදුවන බවයි.
එහිදී, වෙනිසියුලා රජයේ අවසරයකින් තොරව ඩීසල්, පෙට්රල් වැනි ඉන්ධනවල සිට බොහෝ බඩුබාහිරාදිය අති විශාල ලාභ තබා ගනිමින් කොලොම්බියානු දේශසීමාවේදී විකිණෙන බවද ජනාධිපතිවරයා පවසයි.
එමෙන්ම, ඉරිදා දිනයේදී ජනාධිපතිවරයා කියා සිටියේ එරට තුළ සංසරණය වන ඉහළ මුහුණත වටිනාකමකින් යුතු මුදල් නෝට්ටු යළි ලබාගනිමින් ඒ වෙනුවට කාසි නිකුත් කිරීමක් සිදුකරන බවයි.
මෙයද එරට තුළ සිදුවන හොරබඩු ජාවාරම මෙන්ම කළු සල්ලි ජාවාරම මැඬලීම සඳහා ගනු ලැබූ ක්රියාමාර්ගයක් බව ජනාධිපතිවරයා පවසා තිබුණි.