ඉන්දුනීසියාවේ, මධ්‍යම ජාවා හි හොර මත්පැන් පානය හේතුවෙන් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එතනෝල් හා කුණු පලතුරු ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන හොර මත්පැන් පානය කිරීමෙන් මෙම පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් විශාල පිරිසක් රෝහල් ගතකර ඇති බවද එරට රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම හොර මත්පැනි නිෂ්පාදකයන් හා ඒවා විකුණන්නන් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති බව ජාවා පොලීසිය කියයි.
මෙවැනි හොර මත්පැන් පානයෙන් ඉන්දුනීසියාව තුළ මිනිසුන් මියගිය ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර, 2009 හා 2014 යන වසරවලද මෙවැනි සිදුවීම් වාර්තා වී තිබුණි.