හෘදයා බාධයන්ගෙන් වැළකීමට රුධිරයේ වූ කොලොස්ටරෝල් පාලනය කළ හැකි නව එන්නතක් අත්හදා බැලෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.
මූලික වශයෙන් මෙම එන්නත මීයන් යොදාගෙන සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති අතර, පසුව ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 72 දෙනෙකුට එම එන්නත ලබාදී එහි ගුණදොස් අධ්‍යයනය කරමින් පවතින බව එම වාර්තා පවසයි.
ඔස්ට්‍රියාවේ වියානා හි වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් නිපදවා ඇති මෙම එන්නත මගින් රුධිර නාල තුළ මේදය තැන්පත් වීම වළක්වාගත හැකි බව සඳහන් වෙයි.
ඒ අනුව, කොලොස්ටරෝල් මට්ටම පාලනය කිරීමට නිතිපතා ඖෂධ ලබාගන්නවා වෙනුවට මෙම එන්නත වසරකට වරක් ශරීරගත කිරීමෙන් ඉන් වැළකී සිටීමට හැකි වනු ඇති බවද මෙම පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.
LDL කොලෙස්ටරෝල් නිපදවීම PCSK9 ප්‍රෝටීනයෙන් සිදුවන බැවින්, මෙම එන්නත මගින් අදාළ ප්‍රෝටීනය විනාශ කිරීම සඳහා ශරීරය තුළම ප්‍රතිශක්තියක් ඇති කිරීම සිදුවනු ඇති බවද එම විද්‍යාඥයෝ පවසති.
කෙසේ වෙතත්, එහි සම්පූර්ණ සාර්ථකත්වය වටහා ගැනීමට මෙන්ම එය වෙළෙඳ පොළට නිකුත් වීමට තවත් වසර කිහිපයක් ගතවනු ඇති බව හෘද රෝග පිළිබඳ යුරෝපා ජර්නලය පවසයි.