හූවර් බෝඩ් එකක් භාවිත කරමින් නත්තල් දා දේව මෙහෙය සිදුකළ පූජකයෙකු සම්බන්ධයෙන් පිලිපීන රෝමානු කතෝලික පල්ලියේ පරිභවයට හේතු වී තිබේ.
නම සඳහන් කර නොමැති මෙම පූජක තැන පිලිපීනයේ, ලගූනා පළාතේ දේවස්ථානයකදී මෙසේ හූවර් බෝඩ් එකක් භාවිත කර මිනිසුන් අතරින් එහා මෙහා යන ගමන් දේව මෙහෙය පවත්වා තිබේ.
මෙය සම්පූර්ණයෙන්ම වැරදි ක්රියාවක් බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රෝමානු කතෝලික පල්ලිය දක්වා තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම පූජක තැන හූවර් බෝඩ් එක මත සිට මිනිසුන් වෙත යාඥා කරමින් හා ගීතිකා ගයමින් එහාමෙහා ගමන් කර ඇති බවයි.
සත්ප්රසාද දේව මෙහෙය පැවැත්වෙන අතිශය වැදගත් අවස්ථාවක අතිශය ගෞරවයකින් දේව මෙහෙය පැවැත්විය යුතු බවත්, එය කිසිවෙකුගේ පෞද්ගලික උත්සවයක් නොවන අතර, යමෙකු විසින් අවධානය දිනාගැනීම සඳහා අත්තනෝමතික ලෙස මෙවැන්නක් යොදාගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.