නේපාලයේ හිමාල කඳුකරය ආශ්රිත හුදකලා පළාතක් වන ඉහළ මස්ටැන්ග් පළාතේ අවසාන රජුගේ අභාවය සිහි කිරීමේ විශේෂ උත්සවයක් එරට කත්මණ්ඩු අගනුවරදී පැවැත්විණි.
ජිග්මේ ඩෝර්ජේ බල්බාර් බිස්ටා නමැති රජු ශතවර්ෂ අඩකට වැඩි කාලයක් එම පළාතේ රජකම් කිරීමෙන් පසුව පසුගිය සිකුරාදා අවුරුදු 86ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්විය.
කෙසේ වෙතත්, 2008 වසරේදී ශතවර්ෂ ගණනාවක් පැරණි නේපාල රාජකීයත්වය නේපාලය විසින් අවලංගු කිරීමත් සමග බිස්ටා රජුගේ රාජකීයත්වයද අවසන් විය.
ඔහු සිය ජීවිතයෙන් වැඩි කාලයක් එම පළාතේ අගනගරය වූ ලෝ මන්තැන්ග් හි ආධ්‍යාත්මික නායකයෙකු ලෙස ක්‍රියා කළේය.
කෙසේ වෙතත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වනවිට ඔහු කත්මණ්ඩු නුවර වෙත පැමිණියේය.
මෙම සතිය ආරම්භයේදී රෝහල්ගත කෙරුණු හිටපු රජු, හෘදය හා වකුගඩු ආශ්රිත රෝගයකින් පීඩා විඳි බව කියැවෙයි.
කෙසේ වෙතත්, රජුගේ අභාවයෙන් පසුව ඔහු සිහිපත් කෙරෙන වැඩසටහන් රැසක් කත්මණ්ඩු නුවරදී සංවිධානය වී තිබුණි.