ජපානයේ හිම මත ලිස්සා යෑමේ සංචාරකයන් නිතර ගැවසෙන කඳුකර කලාපයක සිදුවූ හිම කඳු කඩා වැටීමක් හේතුවෙන් පුද්ගලයෙකු අතුරුදන්ව, තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම කඳුකර කලාපයේ සිදුවූ මෙම අනතුරත් සමග තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු බේරාගැනීමටද හැකිවී තිබේ.
මධ්‍යම ගුන්මා කලාපයේ කුසාට්සු නගරයට ආසන්නයෙන් සිදුවූ හිම කඳු කඩා වැටීමට හේතුව එම ප්‍රදේශයට නුදුරු ගිනි කන්දක් විදාරණය වීම බවද සැක කෙරෙයි.
බලධාරීන් පවසා සිටියේ කුසාට්සු-ෂිරානේ ගිනි කන්ද විදාරණය වීමද හිම කඳු කඩා වැටීමට සමාන්තරව සිදු වුවත්, මෙය සෘජුවම එහි බලපෑමෙන් සිදුවූවක්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බවයි.
ඒ අනුව, මෙම කඳුකරය වෙත නොපැමිණෙන ලෙස එරට ජනතාව ජපාන බලධාරීන් විසින් අනතුරු අඟවා තිබේ.