ඉන්දියානු පාලනයේ පවතින කාෂ්මීරයේ හිම කඳු කඩා වැටීමක් හේතුවෙන් හිමවලට යට වූ ඉන්දියානු හමුදා සෙබලෙකු දින 06කට පසුව හමුවීමේ අරුම පුදුම පුවතක් වාර්තා වෙයි.
මීටර් 6,000ක් ඉහළ කඳු මුදුනේ හිම කඳු කඩා වැටීම හේතුවෙන් ලාන්ස් නෙයික් නමැති හමුදා කෝප්‍රල්වරයා මීටර් 08ක පමණ හිම තට්ටුවකට යට වී තිබුණේ තවත් සොල්දාදුවන් නව දෙනෙකු සමගිනි.
මෙහි පුදුමය නම් සෙසු හමුදා ඔවුන් සොයා මෙහෙයුම් දියත් කරන විට අන් සියලු සොල්දාදුවන් ජීවිතක්ෂයට පත්වුවත් නෙයික් දින 08ක් යනතුරු ජීවිත සටන ජයගෙන තිබීමය.
කෙසේ වෙතත්, ඔහු සොයා ගන්නා විට අසාධ්‍ය තත්ත්වයේ පසුවූ නිසා වහාම ගුවනින් රෝහල් කරා ගෙන යෑමට කටයුතු කර ඇති අතර, ඔහුගේ ජීවිතය බේරාගැනීමත් තවත් හාස්කමක් වනු ඇති බව ඉන්දීය හමුදාව කියා සිටියි.