ඇමෙරිකවේ හිටපු එෆ්.බී.අයි. ප්රධානියා සෙනට් මණ්ඩලය හමුවේ සිදුකළ පාපොච්චාරණයේදී ජනපති ට්රම්ප් සම්බන්ධයෙන් සිදුකළ ප්රකාශ ජනාධිපතිවරයාගේ නීතීඥයන් විසින් ප්රතික්ෂේප කර තිබේ.
2016 ජනාධිපතිවරණය සමයේදී රුසියානු අතපෙවීමක් පැවතියේද යන්න සම්බන්ධයෙන් එෆ්.බී.අයි. ආයතනය සිදුකළ පරීක්ෂණය සඳහා ජනාධිපතිවරයා අතපෙවීමක් සිදුකළ බවට හිටපු එෆ්.බී.අයි. ප්රධානී ජේම්ස් කොමේ සිදුකළ ප්රකාශය තරයේ ප්රතික්ෂේප කරන බව ජනාධිපතිවරයාගේ නීතීඥයෝ පවසති.
ඔහු පවසා සිටියේ හිටපු ප්රධානියා ඇමෙරිකානු රහස්ය තොරතුරු සම්බන්ධයෙන් සිදුකරන ප්රකාශ සම්බන්ධයෙන් ඔහු විශේෂ පරීක්ෂණයකට නතු විය යුතු බවයි.
ජේම්ස් කොමේ සිය ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පාපොච්චාරණයක් ඇමෙරිකානු සෙනට් මණ්ඩලයේ බුද්ධි අංශ කමිටුව ඉදිරියේ සිදුකරන අස්ථාවේදී ඔහු මෙම ප්රකාශ සිදුකර තිබුණි.