මැයි මාසයේ පැවති මැතිවරණයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමෙන් පසු ඊජිප්තුවේ නව ජනාධිපතිවරයා ලෙස එරට හිටපු හමුදා ප්‍රධානී අබ්දුල් ෆටාහ් අල්-සිසී දිවුරුම් දීම සිදුවෙයි.
දිවුරුම්දීම සිදුවන කයිරෝ නගරයේ ශ්‍රේෂ්ඨාධිකරණය ආසන්නයේ මෙන්ම නගරයේ ප්‍රධාන ස්ථාන රැසක ආරක්ෂාව තර කර ඇති බවද වාර්තා වෙයි.
විශ්‍රාමික හමුදා නිලධාරියා පසුගිය වසරේ ජූලි මාසයේදී මොහොමඩ් මොර්සිගේ රජය පෙරලා දැමීමට කටයුත කළේය.
කෙසේ වෙතත් එතැන් සිට මොර්සිගේ මුස්ලිම් සහෝදරත්වය මැතිවරණය වර්ජනය කරන ලෙස රට පුරා දැවැන්ත ව්‍යාපාරයක් ගෙනයෑම නිසා ඊජිප්තු ජනාධිපතිවරණය කල් ගියේය.
අවසානයේදී මැයි මාසයේදී ජනාධිපතිවරණය පැවති අතර 59 වැනි වියෙහි පසුවන සිසී 96.9% ක දැවැන්ත ඡන්ද ප්‍රතිශතයක් සමග ජයග්‍රහණය කළේය.
ඔහුගේ ප්‍රතිවාදියා ලෙස තරග කළ වමේ කඳවුරේ හම්ඩීන් සබායි වෙත ලබාගැනීමට හැකිවූයේ 3.1% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.