සිරභාරයේ සිටින මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට බාධාවකින් තොරව බ්‍රිතාන්‍යයේදී ශල්‍ය වෛද්‍ය පහසුකම් ලබාගැනීමට එරට රජය විසින් අවසර ලබාදී තිබේ.
පිට කොන්දේ ශල්‍ය කර්මයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයේදී ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වුවත්, එරට වත්මන් රජය විසින් නෂීඩ් වෙනුවෙන් මුලින් ඇපකරුවෙකු ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් විදෙස් රටවල් දක්වන ලද ප්‍රතිරෝධය හමුවේ අසනීප තත්ත්වයෙන් පසුවන හටපු ජනාධිපතිවරයාට බාධාවකින් තොරව විදෙස් ගතවීමට එරට රජය තීරණය කළ බව නෂීඩ්ගේ නීතීඥයන් හා ඔහුගේ පක්ෂය පෙන්වා දෙයි.
පසුගිය වසරේදී ත්‍රස්තවිරෝධී නීතිය යටතේ නෂීඩ් වෙත චෝදනා ගොනු කරමින් ඔහු වසර 13ක සිර දඬුවමකට යටත් කළේය.
කෙසේ වෙතත්, මෙය නෂීඩ්ගේ දේශපාලන ගමන්මග ඇහිරීම සඳහා වත්මන් රජය සිතාමතා සිදුකළ ක්‍රියාවක් බව ඔහුගේ නීතීඥයන් අවධාරණය කරයි.