විවාදයට තුඩුදුන් සහල් සහනාධාර වැඩසටහන වෙනුවෙන් හිටපු තායිලන්ත අගමැතිනී යින්ග්ලක් ෂිනවත්රාය අපරාධ චෝදනාවකට මුහුණ දෙනු ඇති බව එරට නීතිපති කාර්යාලය පවසයි.
මෙම සහනාධාර වැඩසටහනේදීම ඇය විසින් රාජකාරී පැහැර හැරි බවට එරට ව්‍යවස්ථාදායකය විසින් දෝෂාභියෝගයක් වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන අවස්ථාවේදී මෙකී පුවත වාර්තා විය.
මෙම සහල් ප්‍රතිපත්තිය තුළින් රජයේ මුදල් බිලියන ගණනින් අයථා පරිහරණයක් වී ඇති බවත්, එම මුදල් ඇගේ පක්ෂය වෙත බැරවී ඇති බවටත් චෝදනා ගොනුවිය.
2014 මැයි මාසයේදී යින්ග්ලක් ධුරයෙන් ඉවත් කළේ රට තුළ හමුදා කුමන්ත්‍රණයක් අභියස තිබියදීය.
කෙසේ වෙතත් ඇගේ ආධාරකරුවන් පවසා සිටින්නේ ඇය දේශපාලනයෙන් ඉවත්කිරීමේ කූඨ උපායක් ලෙස මෙම චෝදනා හිටපු අගමැතිවරිය වෙත එල්ල කෙරෙන බවයි.