සසෙක්ස් හි ආධිපාදවරයා සහ ආධිපාදවරිය වන හැරී කුමරු සහ මේගන් කුමරිය මෙවර සරත් සෘතුවේදී ඔස්ට්‍රේලියාව, ෆීජී, ටොන්ගා සහ නවසීලන්තය යන රටවල නිල සංචාරයකට සූදානම් බව වාර්තා වේ.
පසුගිය මැයි මාසයේදී මෙම නව යුවළ විවාහපත් වීමෙන් පසුව ඔවුන්ගේ ප්‍රථම නිල රාජකීය සංචාරය ලෙස මෙය ප්‍රසිද්ධියට පත්කර තිබේ.
හැරී කුමරු සිය පියා සහ මවගේ අඩිපාරේ යමින් මෙම සංචාරය සංවිධානය කරන්නට ඇති බව විදෙස් වාර්තා පවසයි. මන්දයත්, චාල්ස් කුමරු සහ ඩයනා කුමරිය විවාහපත් වීමෙන් පසුව ප්‍රථම නිල සංචාරය ලෙස ඔස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට පැමිණියහ.
ලබන ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී ආරම්භ වන Invictus Games හෙවත් තුවාල ලැබූ, රෝගී වූ හෝ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් හැරී කුමරුන් විසින්ම හඳුන්වා දුන් ක්‍රීඩා උළෙලට සහභාගී වීමද ඔවුන්ගේ මෙම සංචාරයේ එක් අරමුණක් බව කියැවේ.
එමෙන්ම, රාජකීය කුමාරිකාවක් ලෙස මේගන් කුමරිය රාජකීය කෘත්‍ය කවරාකාරයෙන් ඉටුකරනු ඇතැදැයි යන්න ලොවට විදහා දක්වන ප්‍රථම අවස්ථාව ලෙසද මෙම සංචාරය සැලකෙනු ඇත.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවලින් රාජකීය යුවළට ආරාධනයක් ලැබුණු බවත්, ෆීජී සහ ටොංගා යන රටවලට ඔවුන් සංචාරය කරන්නේ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලයේ ඉල්ලීමක් පරිදි බවත් කෙන්සිංග්ටන් මාලිගය දැනුම් දෙයි.