නේපාලයේ කත්මණ්ඩු නගරය වෙත පැමිණි මහා බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පිළිගැනීම සඳහා විශේෂයෙන් සරසන ලද කන්‍යාවියන් පස් දෙනෙකු සැදී පැහැදී සිටි බව විදෙස් වාර්තා පවසයි.
වයස අවුරුදු 17 සිට 27 දක්වා වයස් කාණ්ඩවල සිටි මෙම තරුණියන් විශේෂ හින්දු වීරවරියන්ගේ නාමයන් ලැබූවන් බවත්, ඔවුන් සිවු දෙනෙකු මල් කළඹක් දී රාජකීය කුමරු පිළිගන්ද්දී අවසානයට සිටි තරුණිය කුමරුගේ හිසෙහි දාස්පෙතියා මල් මාලයක් පළඳවමින් කුමරු පිළිගත් බවත් වාර්තා වෙයි.
බොහෝ සරල ඇඳුමකින් සැරසී පැමිණි හැරී කුමරු මෙම නේපාල තරුණියන්ගේ පිළිගැනීම ඉතා උණුසුම්ව ලැබූ බව ඔහුගේ හැසිරීමෙන් පෙනීගිය බවත් කියැවෙයි.
දින පහක නේපාල සංචාරය අරඹමින් අද (20දා) හැරී කුමරු නේපාලය වෙත පැමිණි අතර, 2015 අප්‍රේල් මාසයේදී නේපාලයට බලපෑ භූ කම්පනයෙන් විපතට පත්වූවන් පිළිබඳ සොයා බැලීමත් මෙම සංචාරයේ අරමුණක් වී තිබුණි.
එමෙන්ම, නේපාලය සමග පවතින සබඳතා තරකරමින් එරටට නැවත ආර්ථිකව නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමද මෙහි අරමුණක් වී ඇත.
මෙම සංචාරයේදී නේපාලයේ ලී කැටයම් කරුවන් සමග පිළිසඳරක නිරත වූ හැරී කුමරු ඔවුන් සමග ලී කැටයම් කරන ආකාරයද දැකිය හැකි විය. එමෙන්ම, සංචාරය පුරා කුමරු දැකගැනීම සඳහා තරුණියන්ගේ විශේෂ ආකර්ෂණයක් තිබුණු බවද කියැවෙයි.
නේපාලයේ ප්‍රථම කාන්තා ජනාධිපතිනී බිද්යා දේවි භන්දාරී සමග හැරී කුමරු සාකච්ඡා කළේය.