සාම්ප්‍රදායික පොලිනේසියානු රුවල් ඔරුවක් විසින් සිදුකළ ලොව ප්‍රථම ලෝක සවාරිය සාර්ථකව අවසන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
හොකුලේ නමින් හැඳන්වෙන රුවල් ඔරුවට හවායි හි හොනෝලුලූ වෙතින් ආරම්භ කෙරුණු ලෝක සංචාරය සඳහා වසර තුනක පමණ කාලයක් ගත වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
නවීන තාක්ෂණික උපකරණ කිසිවක් භාවිත නොකර සිදුකළ මෙම ලෝක සංචාරයේදී ඔවුන් යාත්‍රණයට සහාය කරගෙන තිබුණේ අහසේ තාරුකා, සුළඟ සහ මුහුදේ නගින දියවැල් ය.
මීට වසර සිය ගණනකට පෙර හවායි දූපතට පැමිණි මුල් පොලිනේසියානු පරපුර විසින් භාවිතයට ගත් තාක්ෂණය හා උපාය උපක්‍රම යොදා ගනිමින් මෙම ලෝක සවාරිය සිදු කිරීමට මෙම යාත්‍රාවේ නැවියන් පිරිස කටයුතු කර තිබූ බවද විදෙස් වාර්තා පවසයි.
මෙම හොකුලේ රුවල් ඔරුව හවායි හි හොනෝලුලූ මැජික් අයිලන්ඩ් වෙත යළි පැමිණීම උත්සවශ්‍රීයෙන් සැමරීමට හවායි වාසීන් කටයුතු කර තිබුණි.
1970 දශකයේ නිර්මාණය කර තිබූ මෙම හොකුලේ රුවල් ඔරුව ලෝක සංචාරයේදී නාවික සැතපුම් 40,000ක් (කි.මී.74,000ක්) දුර යාත්‍රා කර තිබූ අතර, ඔවුන් මෙම යාත්‍රණය නම් කර තිබුණේ 'මලාමා හොනූ' මුහුදු ගමන ලෙසිනි.