රුසියාවේ හමුදා බැරැක්කයක් කඩා වැටීමෙන් හමුදා සාමාජිකයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
රුසියාවේ, ඕමස්ක් නමැති සර්බියානු නගරයේ පිහිටි හමුදා බැරැක්කයක් මෙසේ කඩා වැටී ඇති අතර, සොල්දාදුවන් 19 දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි වී තිබේ.
එසේ බේරාගත් පිරිස මේ වනවිට රෝහල්ගත කර ඇති බවද එරට ආරක්ෂක අංශ පවසයි.
2013 වසරේදී මෙම ගොඩනැගිල්ලේ සිදුකළ අලුත්වැඩියා කටයුත්තක් මෙම කඩා වැටීමට හේතු වන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණ අරඹා ඇති බව රුසියානු ආරක්ෂක අංශ පවසයි.