රටක ප්‍රශ්නයක් හමුදා බලය යෙදවීමෙන් පමණක් විසඳිය නොහැකි බවත්, ඒ නිසා තමන් සිරියාව වෙත ගොඩබිම් හමුදා යෙදවීමට අදහස් නොකරන බවත් ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා පවසා තිබේ.
බෂාර් අල් අසාද් පාලනය පෙරලීම සඳහා ගොඩබිම් හමුදාවක් සිරියාව වෙත යොමුකරනවා නම් එය ඇමෙරිකාව හෝ බ්‍රිතාන්‍ය විසින් සිදුකරන බලවත් අත්වැරැද්දක් විය හැකියි* බී.බී.සී.ය වෙත අදහස් දක්වමින් ඔබාමා පවසා තිබේ.
එමෙන්ම, තමන් බලයේ සිටින අවසන් මාස 9ක කාලය තුළ අයි.එස්. ඉස්ලාම් ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමට හැකි වෙතැයි තමා විශ්වාස නොකරන බවද ඔබාමා මෙහිදී පවසා තිබේ.
කෙසේ වෙතත්, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පවතින භූමිය ක්‍රමයෙන් අඩු කිරීමට අපට හැකිවනු ඇති බවද ඔබාමා පවසා තිබේ.