කටාර් රාජ්‍ය වෙත පනවා තිබූ රාජතාන්ත්‍රික සම්බාධක හජ් වන්දනා සමයේදී ලිහිල් කරමින් වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට දේශසීමා විවාත කිරීමට සෞදි අරාබිය කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, කටාර් රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සෞදි බලධාරීන් සමග සෘජු සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව හජ් වන්දනාව සඳහා කටාර් වැසියන්ට අවකාශය හිමිවී ඇති බවද විදෙස් වාර්තා පවසයි.
සෞදි අරාබිය ප්රමුඛව අරාබි රාජ්‍යයන් කිහිපයක් කටාරය සමග සියලු රාජතාන්ත්‍රික හා වෙළෙඳ සබඳතා අත්හැරීමෙන් පසුව දෙරට අතර ඉහළ මට්ටමේ සාකච්ඡාවක් පැවති ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙයි.
කටාරය ත්රස්තවාදයට සහාය දෙන බවට චෝදනා කරමින් අරාබි රාජ්‍යයන් මෙම සබඳතා අත්හැරීම පසුගිය ජුනි මාසයේ සිට ආරම්භ වූ අතර, ඒ චොදනා තරයේ ප්‍රතික්ෂේප කිරීමට කටාරය සෑමවිටම කටයුතු කළේය.
ඒ අනුව, මෙවර හජ් වන්දනාවේ පැමිණෙන කටාර් වැසියන්ට සල්වා දේශසීමාව හරහා සෞදි අරාබියට ඇතුළුවීම සඳහා ඔවුන් අලුතින් හඳුන්වාදුන් ඉලෙක්ට්‍රොනික බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර, සෞදි ගුවන් තොටුපොළවලදී කටාර් වැසියන් පිළිගැනීම සිදුවනු ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.