සෞදියේ අන්තවාදී ප්රහාර මාලාවක්?
සෞදි අරාබියේ, මදීනා නගරයේ ප්රධාන ඉස්ලාමීය පල්ලියක් ආසන්නයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් පිළිබඳ විදෙස් වාර්තා පවසයි.
අල්-අරාබියා රූපවාහිනී සේවය උපුටා දක්වමින් බී.බී.සී.ය පවසන්නේ, මෝටර් රථයක් ගිනිගෙන දැවෙන දසුන් එහිදී දැකගත හැකි වූ බවයි. එමෙන්ම, මදීනා යනු මක්කමට පසුව ඉස්ලාමයේ දෙවැනි ශුද්ධ වූ නගරය බවත් ඔවුන් වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙම ප්රහාරයෙන් ජීවිත හානි සිදුවූ බවක් වාර්තා නොවන අතර, සෞදි රජයද මෙතෙක් ඒ පිළිබඳ නිල ප්රකාශයක් සිදුකර නොතිබුණි.
මෙම ප්රහාරයට පෙර සෞදි අරාබියේ නැගෙනහිර කාටිෆ් නගරයේද පිපිරීමක් වර්තා වී තිබුණි. කාටිෆ් යනු සුළුතර ෂියා මුස්ලිම්වරුන් ගැවසෙන ප්රදේශයක් වන අතර, එම ප්රහාරය ෂිහා පල්ලියක් ඉලක්ක කරන්නට ඇති බව විශ්වාස කෙරෙයි. කෙසේ වෙතත්, එහිදීද ජීවිත හානි වර්තා වී නොතිබුණි.
එමෙන්ම, ජෙඩාහ් නගරයේ ඇමෙරිකානු කොන්සෝල් කාර්යාලයක් ආසන්නයේදීද ඊයේ අලුයම මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු සිදුකළ පිපිරීමකින් ආරක්ෂකයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

