එළිමහනේ සේවයේ නියැලෙන සේවකයන් හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නව නීතියක් බලාත්මක කිරීමට සෞදි අරාබිය කටයුතු යොදා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
සෞදි අරාබිය විසින් හඳුන්වා දෙන මෙම නව නීතිය අනුව මධ්‍යහන 12.00 සිට සවස 3.00 දක්වා බොහෝ සේවකයන්ට එළිමහනේ රාජකාරීවල නිරත වීම තහනම් කර ඇති අතර, මේ වසරේ සැප්තැම්බර් මස මැද දක්වා එම නීතිය ක්‍රියාත්මක කෙරෙන බව සෞදි අරාබිය පෙන්වා දෙයි.
මෙම නව නීතිය තුළින් සේවකයන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ පැවැත්ම පිළිබඳ ආණ්ඩුවේ ඇති සැලකිල්ල පෙන්නුම් කරන බව එම රජය පවසයි.
නමුත් තෙල්, ගෑස් හා හදිසි නඩත්තු කිරීමේ කටයුතුවල නිරත සේවකයන් මෙම නීතිය ඇතුළත් කර නොමැති අතර ඔවුන් හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීමට සුදුසු වෙනත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සෞදි බලධාරීහු පෙන්වා දෙති.