මැලේසියානු අගමැති නජිබ් රසාක්ගේ පෞද්ගලික බැංකු ගැණුමේ තැන්පතු කෙරුණු ඇ.ඩො.මිලියන 681ක මුදල 2013 වසරේ ඔහුගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සෞදි රජ පවුලෙන් ලබාදුන් ත්‍යාගයක් බව සෞදි ආරංචි මාර්ග පවසයි.
මෙම මුදල සෞදි රජ පවුලෙන් අගමැතිවරයා වෙත ලැබී ඇති ත්‍යාගයක් ලෙස සලකා එහි මූල්‍ය වංචාවක් නොමැති බව පවසමින් එරට නීතිපතිවරයා විසින් අගමැතිවරයා වෙත එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කිරීමට ඊයේ කටයුතු කර තිබුණි.
එවකට මැතිවරණයේ විරුද්ධ පක්ෂය ලෙස කටයුතු තළ පැන්-මැලේෂියන් ඉස්ලමික් පක්ෂයට මුස්ලිම් සහෝදරත්වයේ ආශිර්වාදය ලැබුණු බැවින්, නජීබ් අගමැතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම මුදල් සෞදියෙන් ලැබී ඇති බවද කියැවෙයි.