සෞදි අරාබිය තුළ රැඩිකල් වෙනසක් සිදුවෙමින් කාන්තාවන්ටද රියදුරු බලපත්‍රය ලබාගැනීමට අවසරය හිමිව තිබේ.
සෞදියේ සල්මාන් රජුගේ නියෝගයක් පරිදි ප්‍රථම වරට කාන්තාවන්ට මෙසේ රියදුරු බලපත්‍රය ලබාගැනීමේ අවසරය හිමිව ඇත.
ලෝකයේ කාන්තාවන්ට රිය පැදවීම තහනම් කළ රාජ්‍යයක් පැවතියේ නම් ඒ සෞදි අරාබිය පමණි.
ඒ අනුව විවිධ ක්‍රියාකාරී සංවිධාන විසින් වසර කිහිපයක මුළුල්ලේම මේ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වුවත්, එය මෙතෙක් ඉටු නොවීය.
මේ නව නියෝගය පිළිබඳ උපදේශක කමිටුවක් ලෙස අමාත්‍ය මණ්ඩලයක් පත්කර ඇති අතර, ඉදිරි දින 30ක කාලය තුළ එම නිර්දේශ ඉදිරිපත් වීමට නියමිතය.
ඒ අනුව, 2018 වසරේ ජූනි මාසයේදී සෞදි කාන්තාවන්ටත් තම මෝටර් රථය පැද යාමේ අවකාශය හිමිවනු ඇත.