2015 දී ලොව වටා සංචාරයක නිරතවීමට සූදානම්ව සිටින සූර්ය බලයෙන් ක්‍රියාකරන සෝලා ඉම්පල්ස් 2 ගුවන් යානය අද (02දා) සිය මංගල ගුවන් ගමන සිදුකළ බව වාර්තා වෙයි.
ස්විට්සර්ලන්තයේ පයෙර්නේ ගුවන් තොටුපොළින් ගුවන් ගත වූ යානය, පැය දෙකකින් පසු නැවත එම ගුවන් තොටුපොළ වෙත පැමිණි බව කියැවෙයි.
මෙය පසුගිය වසරේදී ඇමෙරිකාව පුරා සංචාරය කළ සෝලාර් ඉම්පල්ස් ගුවන් යානයට වඩා තරමක් විශාල මෙන්ම යාවත්කාලීන කළ සංස්කරණයක් බව සඳහන් වෙයි.
එම යානයේ නියමුවන් ලෙස ක්‍රියාකළ බර්ට්රාන්ඩ් පිකාර්ඩ් සහ අන්ද්රේ බොර්ස්ච්බර්ග් මෙවර ගුවන් සංචාරයටද එක්ව සිටී.
පුනර්ජනනීය බලශක්තිය සඳහා වන තමන්ගේ ව්‍යායාමය මේ හරහා සාර්ථක කරගැනීම අරමුණ බව ඔවුහු පවසති.