සූර්ය බලයෙන් ක්‍රියාත්මක සෝලර් ඉම්පල්ස් ගුවන් යානය පැසිෆික් සාගරය හරහා වූ දින තුනක සංචාරය නිමා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
එම යානය ඊයේ දිනයේදී සැන් ෆ්රැන්සිස්කෝ හි ගෝල්ඩන් ගේට් පාලමට ඉහළින් පියාසර කළ අතර ඊයේ සන්ධ්‍යාවේදී කැලිෆෝනියාව වෙත ගොඩබස්වන ලදී.
පසුගිය බ්‍රහස්පතින්දා හවායි වෙතින් ගුවන් ගත වූ මෙම යානය පසුගිය මාස 8ක කාලය තුළ සිය අලුත් වැඩියා කටයුතු සඳහා යොමුකොට තිබුණි.
ඒ ජපානයේ සිට ගමන් කිරීමෙන් පසුව එහි බැටරිවල ඇති වී තිබූ දෝෂ හේතුවෙනි.
අවසන් වරට සිදුකළ මෙම පියාසැරිය සෝලා ඉම්පල්ස් යානය ලොව වටා සිදුකරන සංචාරයේ 9 වැනි අදියර විය.