ගෝලීය සංචාරයක නිරත සෝලාර් ඉම්පල්ස් සූර්යය බලශක්ති යානය සිය සංචාරයේ අවසන් අදියර පියාසැරීම සඳහා ඊජිප්තුවේ කයිරෝ නුවරින් ගමන් ආරම්භ කළේය.
ඒ අනුව, මෙම යානයට සිය ගමනාන්තය වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ගුවන් තොටුපොළ වෙත ළඟා වීමට පැය 48ක පමණ අඛණ්ඩ පියාසැරීමක් සිදුකිරීමට සිදුවනු ඇත. මෙහි ගමන් ආරම්භය පසුගිය වසරේ මාර්තු මාසයේදී අබුඩාබි හිදී සිදුවිය.
බර්ට්රෑන්ඩ් පික්කාඩ් විසින් මෙතෙක් පැදවූ ඉම්පල්ස් යානයේ අවසන් අදියරද ඔහුගේ දෑතින් අබුඩාබි වෙත ළඟාවනු ඇති බව කියැවෙයි.