සෝමාලියාවේ මොඝඩිෂු අගනුවර පිහිටි සහාෆි හෝටලය වෙත අල්ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන් අද (01දා) එල්ලකළ බෝම්බ ප්රහාරයක් හේතුවෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ආයුධ සන්නද්ධ පිරිසක් විසින් එල්ල කළ මෙම ප්රහාරයේදී කාර් බෝම්බ දෙකක්ද පිපිරී ඇති අතර, මෙම හෝටලයද එරට පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු ප්රභූන් විසින් භාවිත කරන හෝටලයක් බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් අතර සෝමාලියාවේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු මෙන්ම අල්ෂබාබ් සංවිධානය මොගඩිෂු අගනුවරින් පලවා හැරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ යුද හමුදා ජනරාල්වරයෙකුද සිටින බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.