සෝමාලියාවේ අල්-ෂබාබ් ඉස්ලාම් ත්රස්තයන් බායිඩෝ නගරයේ කාර්යබහුල වීථීයක් හා අවන්හලක් ඉලක්ක කරමින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 30කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම අල්-ෂබාබ් ත්රස්තයන් පසුගිය කාලය පුරා එරට අගනගරය වූ මොගඩිෂු හා ආසන්න නගර වෙත මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාර රැසක් එල්ල කර තිබුණේ, සෝමාලියානු රජය බටහිර ගැති රජයක් බව පවසමිනි.
පොලිස් ප්‍රධානියා පවසන පරිදි මියගිය පිරිස 30කට ආසන්න වෙද්දී, තවත් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත.
එක් මරාගෙන මැරෙන බෝම්බයක් මෝටර් රථයක අටවා ඇති අතර, අවන්හලේදී පුපුරාගිය බෝම්බය මරාගෙන මැරෙන ප්‍රහාරකයෙකු හෝ ඒ ආසන්නයේ තැන්පත් කර පුපුරුවා හැරි බෝම්බයක් ලෙස විශ්වාස කෙරෙයි.
අපි රජයේ නිලධාරීන් හා හමුදාව ඉලක්ක කරනවා යැයි ප්‍රහාරයේ වගකීම භාරගනිමින් අල්-ෂබාබ් ත්රස්තයන් පවසා ඇත.