උතුරුදිග සෝමාලියාවේ අර්ධ-ස්වයං පාලනයක් පවතින සෝමාලිලෑන්ඩ් සහ පුන්ට්ලෑන්ඩ් යන පළාත්වල එදාමෙදා තුර ඉතිහාසයේ මුහුණදෙන දරුණුතම නියඟයෙන් පීඩා විඳින බව පවසයි.
දැඩි නියඟයෙන් නිරාහාරව සිටින කාන්තාවන් කුස ගින්නේ පසුවන හයිනාවන් වැනි වන මෘග්ගයන්ගේ ප්රහාරයන්ට ලක්වන බවත්, එවැනි කාන්තාවන් රැසක් හයිනා ගොදුරු බවට පත්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
සත්ව පාලනයෙන් ජීවත්වන මෙම මිනිසුන් සතුව සිටින ගව, බැටළු ආදී සතුන් ආහාර නොමැතිව කාඩ්බෝඩ් ආහාරයට ගත් බව මෙම කලාපයේ සිටින සහන කණ්ඩායම් පවසයි.
එමෙන්ම, තම දුරුවන්ට මව් කිරි දීමට තරම්වත් පෝෂණයක් එම කලාපයේ කාන්තාවන්ට නොමැති බවත්, මේ හේතුවෙන් මෙම කලාපය තුළ මහා ජීවිත හානියක් සිදුවෙමින් පවතින බවත් වැඩිදුරටත් කියැවෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මිලියන 1.7කට වැඩි ජනතාවක් මෙම නියං තත්ත්වයට මුහුණදී සිටින අතර, 2011 වසරේ අප්රිකානු අඟ ලෙස සැලකෙන කලාපය මුහුණදුන් නියඟයෙන් මියගිය පිරිස මිලියන කාලකට වැඩිය.