සෝමාලියාවේ මොගඩිෂු අගනුවර හෝටලයකට කඩා වැදුණු ඉස්ලාම් අන්තවාදී අල්-ෂබාබ් ත්රස්තයන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් නවදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිරන්තරයෙන් පිරිස් ගැවසෙන සෝමාලි යූත් ලිග් හෝටලය ඉදිරිපිට මුලින්ම කාර් බෝම්බයක් පුපුරුවා හරිමින් මෙම ප්‍රහාරය ආරම්භ කර තිබේ.
එමෙන්ම, එරට ප්‍රකට පීස් ගාඩ්න් උද්‍යානය තුළද පිපිරීමක් සිදුව ඇති අතර, පසුව හෝටලයට කඩා වැදුණු තුවක්කුකරුවන් විසින් වෙඩි තැබීම් සිදුකර ඇත.
කෙසේ වෙතත්, පොලීසියේ වෙඩි තැබීම් හමුවේ සටන්කාමීන් සිව්දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇත.