දකුණු කොරියානු ජේජු දූපත් ආසන්නයේදී ගිලී ගිය සෙවෝල් යාත්‍රාව අයත් සමාගමේ හිමිකරු සෙවීමේ මෙහෙයුමට දකුණු කොරියානු පොලිස් නිලධාරීන් 6,000ක් යොදවා ඇති බව වාර්තා වෙයි.
සෝල් නුවර දකුණුදිග ප්‍රදේශයේ ඇති 'ඉවන්ජෙලිකල් බැප්ටිස්ට් පල්ලියේ' ආගමික එකමුතුවකට අයත් ස්ථානයක් වැටලීමෙන් එහි ප්‍රබල සාමාජිකයෙකු බවට සැලකෙන ව්‍යාපාරික යූ බ්යුන් උන් සොයා ගැනීමට පොලීසියට නොහැකි වී ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
72 හැවිරිදි යූ බ්යුන් උන් චෝන්ගීජින් නැව් සමාගමේ ප්‍රධානියා වෙයි.
පසුගිය අප්‍රේල් මාසයේදී යාත්‍රාව ගිලී යාම නිසා 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් වැඩි දෙනෙකු පාසල් සිසුන් විය.
විශ්වාසය කඩ කිරීම, වගකීම් නොසලකාහැරීම මෙන්ම බදු ගෙවීම පැහැර හැරීම යන චෝදනා සම්බන්ධයෙන් ඒ අනුව, මෙම නෞකා සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට සැරසෙයි.
යූ බ්යුන් හා ඔහුගේ පුතුන් පොලීසියට කට්ටි පනිමින් මසක පමණ කාලයක සිට ජීවත් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් තොරතුරක් සපයන්නෙකුට ඇ.ඩො.මිලියන භාගයක (රු.කෝටි 6.5ක පමණ) තෑග්ගක් පිරිනමන බවද එරට පොලීසිය ප්‍රකාශයට පත්කර ඇත.