සෙවොල් යාත්‍රා අනතුරේ දිවි ගලවාගත්තවුන් අඩුවෙලා
දකුණු කොරියාවේදී මුහුදුබත් වූ සෙවොල් යාත්‍රා අනතුරෙන් දිවි ගලවාගත් මගීන්ගේ සංඛ්‍යාව අනතුර සිදුව සති තුනකට පසුව දෙකකින් අඩු වී ඇති බව එරට වෙරළාරක්ෂකයන් පවසයි.
දකුණු කොරියානු වෙරළාරක්ෂක බලකා ප්‍රධානී කිම් සක්-කයූන් පවසන පරිදි යාත්‍රා අනතුරින් දිවි ගලවාගෙන ඇත්තේ පුද්ගලයන් 172 දෙනෙකු පමණි. නමුත්, පසුගිය අප්‍රේල් 18 වැනිදා සිටම එරට රජය පවසා සිටියේ පුද්ගලයන් 174 දෙනෙකු අනතුරින් දිවි ගලවාගත් බවයි.
පුද්ගලයන් ගණනය කිරීමේ ක්‍රියාවලියේ සිදුවූ අත්වැරැද්දක් මීට හේතු වී ඇති බව ඔහු පවසයි.
මේ තත්ත්වයෙ තුළ දකුණු කොරියානු යාත්‍රා අනතුර සම්බන්ධයෙන් දකුණු කොරියානු රජය වෙත එල්ල වන චෝදනාවන් වැඩිවන අතර, අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කෙරෙන පිරිස 304 දක්වා වැඩි වීමක්ද සිදුවෙයි.
මේ අතර, දකුණු කොරියානු අගමැති චන්ග් හොන්ග්-වොන් පවසා සිටියේ යාත්‍රාවේ මළ සිරුරු සෙවීමේ මෙහෙයුම් සති අන්තය වනවිට අවසන් විය යුතු බවයි.
	.gif) 
	.gif) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                