ඉන්ස්ටග්‍රෑම් සමාජජාල අඩවියට හා තම බ්ලොග් අඩවියට එක්කිරීම සඳහා දිනකට සෙල්ෆී ඡායාරූප 50ක් පමණ ලබාගන්නා තරුණියක්, එම සෙල්ෆී ඡායාරූපවලින් තම මුහුණේ සමට දැඩි හානියක් සිදුව ඇති බව පවසයි.
ලන්ඩනයේ ජීවත් වන 26 හැවිරිදි මෙහ්රීන් බෙයිග් පවසන්නේ සෙල්ෆී ගැනීමේදී ෆ්ලෑෂරයෙන් විහිදෙන අධි සංඛ්‍යාති HEV ආලෝකය මගින් තම මුහුණේ සමට හානි පැමිණ ඇති බවයි.
මෙම අධි සංඛ්‍යාති ආලෝක ධාරා ස්මාට් දුරකථන, ලැප්ටොප් හා ටැබ්ලට් යන උපකරණ ආශ්‍රිතවද නිකුත් කෙරෙන අතර, එකී ආලෝක ධාර සමට අතිශය අහිතකර UVA සහ UVB කිරණ තරමටම හානියක් පමුණුවන බවද ඇය කියයි.
බ්ලොග් අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජජාල අඩවිය තුළ තමාගේම විවිධ සෙල්ෆී ඡායාරූප ගනිමින්, ස්වයං ඡායාරූප ශිල්පියෙකු, ස්වයං කතුවරයෙකු හා ස්වයං ප්‍රකාශකයෙකු ලෙස එකී නිර්මාණ එළිදක්වන තම වෘත්තිය තුළ නිරන්තරයෙන් අධි සංඛ්‍යාත ආලෝකයට මුහුණ දීමට සිදුවූ බවද ඇය කියයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුර වෛද්‍ය උපදෙස් ලබාගැනීමේදී තමාගේ මුහුණේ දුඹුරු ලප, ඇසට යටින් කළු පැහැගැන්වීම් ආදී වශයෙන් මුහුණේ සම පමණට වඩා වේගයකින් වයසට යෑමක් පෙන්නුම් කර ඇති බව ඇය දැනගෙන තිබේ.