ජපානයේ සූමෝ ක්‍රීඩාව පිරිමින්ට පමණයි යන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදීම එරට සූමෝ බලධාරීන් විසින් කල් දමා තිබේ.
විශේෂයෙන්ම සූමෝ වළල්ල කාන්තාවන්ට පැමිණිය යුතු ස්ථානයක් නොවන බව පවසමින් මෑතදී ඇති වූ මතභේදාත්මක තත්ත්වයට මුහුණදීමට ජපාන සූමෝ සංගමයට සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම සාම්ප්රදායිකවම ගැහැණිය පිරිසුදු වස්තුවක් නොවන පිළිගැනීම මත ඔවුන්ට එම ස්ථාන සුදුසු නොවන බවට මත ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව ජපාන සූමෝ සංගමයේ අධ්යක්ෂවරයා පවසන්නේ මෙය අතිශය සංකීර්ණ තත්ත්වයක් හේතුවෙන් මීට පිළිතුරක් ලබාදීමට ඔවුන්ට යම් කාලයක් අවශ්‍ය බවයි.
මෑතකදී සූමෝ තරගයක් අතරතුර ක්‍රීඩකයෙකු සූමෝ වළල්ල තුළ ඇද වැටුණු අවස්ථාවේදී ඔහුට සහාය වීමට කාන්තාවන් පිරිසක් සූමෝ වළල්ලට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් හරවා යැවීමට තරග විනිශ්චයකරු කටයුතු කර ඇත.
මෙම සිදුවීමෙන් අනතුරුව එම භූමිය පිරිසුදු කිරීම සඳහා සූමෝ වළල්ලට ලුණු ඉසීමක් සිදුකර බවද කියැවේ.
තරග විනිශ්චයකාරවයාගේ මෙම හැසිරීමත් සමග ලොව පුරා සූමෝ ලෝලීන් මීට විරෝධයක් එල්ල කර ඇති අතර, එරට සූමෝ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමට සිදුව තිබේ.