පාකිස්තානයේ සුෆී මුස්ලිම්වරන්ගේ පුදබිමක් ඉලක්ක කරමින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව දියත් කළ මෙහෙයුම්වලින් 100කට අධික ජිහාඩ් අන්තවාදීන් පිරිසක් ඝාතනය කළ බව පාකිස්ථානය පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා සෙහ්වාන් නගරයේ වූ සුෆී මුස්ලිම් පුදබිම තුළ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෙකු සිදුකළ මරාගෙන මැරෙන ම්ලේච්ඡ ප්‍රහාරයෙන් 80කට අධික බැතිමතුන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
මෙම දරුණු ප්‍රහාරයත් සමග ක්‍රියාත්මක වූ එරට ආරක්ෂක අංශ රට පුරා මෙහෙයුම් දියත් කළ අතර, ඇෆ්ගනිස්ථානයටද චෝදනා කළේ ඔවුන් ජිහාඩ්වරුන්ට ක්ෂේම භූමියක් තනා ඇති බව පවසමිනි.
එමෙන්ම, පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන දේශසීමා වසා දැමීමට ක්‍රියා කරමින් දේශසීමා ආසන්න ඇෆ්ගනිස්ථාන පළාත් කිහිපයකට රොකට් ප්‍රහාරය එල්ල කිරීමටද පාකිස්ථානය කටයුතු කර තිබේ.
මියගිය බොහෝ දෙනෙකුගේ අවමංගල්‍ය උත්සව ඊයේ දිනයේදී සිදුවූ අතර, සින්ධ් පළාත් ආණ්ඩුව විසින් දින තුනක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත්කර තිබුණි.
මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ගොදුරුවීමෙන් තුවාල ලැබූ සුෆී මුස්ලිම්වරුන් පිරිස 250කට අධික බවද විදෙස් වාර්තා පවසයි.