සුවිසල් ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීම පසුගිය බදාදා (19දා) සිදුවූ බව නාසා ආයතනය තහවුරු කරයි.
2014 JO25 ලෙස නම් කර ඇති මෙම ආකාශ වස්තුව බදාදා දිනයේදී පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීම නාසා දත්ත අනුව තහවුරු කරගෙන ඇති අතර, මීට අදාළ රූප රාමුද ඔවුන් විසින් මුදාහැර තිබුණි.
රටකජු ගෙඩියක හැඩය ගත් මෙම ග්‍රාහකය සෑම පැය පහකට වරක්ම තමා වටා භ්‍රමණය වෙමින් ගමන් කරන බවද එම ආයතනය පවසයි.
කෙසේ වෙතත්, මෙම ග්‍රාහකය පෘථිවිය සමග ගට්ඨනය වීමේ කිසිදු හැකියාවක් නොතිබුණද, මෙවැනි ප්‍රමාණයේ ග්‍රාහකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බව විද්‍යාඥයෝ පවසති.
නාසා විද්‍යාඥයන්ට අනුව මෙම ග්‍රාහකයේ ප්‍රමාණය අඩි 2,000ක පමණ දිගකින් යුතු වෙයි.