ඉරාකයේ මොසුල් නගරයේ සිදුවූ ගැටුම්වලදී ඉන්දියානුවන් 40ක් පැහැරගෙන ගොස් ඇති බවට ස්ථිර තොරතුරු ලැබී ඇති බව ඉන්දියාව කියයි.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියාවල යෙදී සිටි ඉන්දියානුවන් පිරිසක් මෙසේ පැහැරගෙන ගොස් ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් නිදහස් කරගැනීම වෙනුවෙන් කිසිදු කප්පම් මුදලක් ඉල්ලීමක් සිදුව නොමැති බවද කියැවෙයි.
මේ අතර, ටික්රිට් නගරයේ රෝහලක සිරවී සිටින ඉන්දීය ජාතික සාත්තු සේවිකාවන් 46 දෙනා පිළිබඳවත් තමන් දැඩි අවධානයෙන් පසුවන බව ඉන්දීය රජය කියයි.
මේ වනවිට ටික්රිට් සහ මොසුල් නගර සුන්නි සටන්කාමීන්ගෙන් සැදි ISIS ත්රස්තයන්ගේ ග්‍රහණයේ පවතින අතර, පසුගිය සති කිහිපය පුරා ඉරාකයේ නගර කිහිපයක්ම අත්පත් කරගනිමින් ඔවුන් බැග්ඩෑඩය වෙත ක්‍රමයෙන් ළඟා වෙමින් සිටියි.