මිනිස් පරිභෝජනය සඳහා බලු හා බළල් මස් විකිණීම තහනම් කරමින්, විශේෂ සත්ව ආරක්ෂණ පනතකට තායිවාන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වේ.
ඒ අනුව, නව නීති උල්ලංඝනය කරන්නෙකුට ඉහළ දඩයකට මෙන්ම වසර දෙකක් දක්වා සිරදඬුවමකටද යටත් වීමට සිදුවනු ඇති අතර, ඉන් නොනැවතී එම පුද්ගලයන්ගේ නම් සහ ඡායාරූප ප්රසිද්ධ කරන බවද තායිවාන බලධාරීහු පවසති.
තායිවානයේ සත්ව ආරක්ෂණ නීති බලාත්මක කිරීමේ අරමුණින් මෙම නව ක්රියාමාර්ග ගෙන ඇති අතර, මේ ආකාරයෙන් සත්ව අයිතින් ආරක්ෂා කිරීම සඳහා ආසියාතික රටක් මෙවැනි නීති සම්පාදනයක් සිදුකළ ප්රථම අවස්ථාව මෙය බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.