මීට වසර තුනකට පෙර දකුණු කොරියාවේදී පුද්ගල ජීවිත 300කට වැඩි පිරිසකට මරණය උරුම කරදෙමින් ගිලුණු සීවෝල් මගී නෞකාව පිළිබඳ එරට තුළ යළිත් උණුසුම් කතාබහක් ඇති වී තිබේ.
ඒ මෙම අනතුර පිළිබඳව සැකසුණු චිත්‍රපටයක් හරහා මෙම ඛේදවාචකයේ වගකීම එරට රජය වෙත දිගුකිරීමත් සමගිනි.
2014 අප්‍රේල් 16 වැනිදා සීවෝල් මගී නෞකාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි ගමන්කළ වැඩිම පිරිස උසස් අධ්‍යාපනය හදාරණ සිසුන් විය. ඒ අනුව, මෙම අනතුර සිහිකරමින් පසුගියදා එරට සෝල් නුවර විශේෂ අනුස්මරණ උත්සවයක්ද පැවැත්විණි.
විශේෂයෙන්ම මෙවැනි මගී නෞකාවල පවතින ආරක්ෂාව මෙන්ම, මෙවැනි රජයේ දුර්වල ආරක්ෂක ප්රමිතීන් හා මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් එරට රජයේ මතය විමසා තිබුණද, ඔවුන් මේ දක්වා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර නොමැත.