තමාගේ සීයා මහ මග මරාදැමීමේ සිද්ධිය වීඩියෝගත කර එය ෆේස්බුක් සමාජජාලය හරහා ප්‍රචාරය කළ ඇමෙරිකානු ජාතිකයෙකු සොයා මෙහෙයුම් සිදුවෙයි.
ස්ටීව් ස්ටෙෆන්ස් ලෙස හඳුනාගෙන ඇති මෙම සැකකරු තවත් වීඩියෝවක් ෆේස්බුක් සමාජජාලයට මුදාහරිමින් පවසා තිබුණේ තමන් තවත් මනුෂ්‍ය ඝාතන 13ක් සිදුකර ඇති බවයි. එමෙන්ම, තවත් ඝාතන සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.
ඔහුගේ අතින් වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 74ක් වන රොබට් ගොඩ්වින් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ඔහියෝ ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි.
පාස්කු දහවල් ආහාරය ගෙන නැවත සිය නිවස කරා පැමිණෙමින් සිටියදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පවසයි.