සීකා වෛරසය ලිංගික එක්වීමකදීද බෝ වීමේ හැකියාවක් පවතින බව ඇමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.
එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ප්‍රථම සීකා රෝගියා වාර්තා වීමද මේ හරහා සිදුව ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.
ඩලාස් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් අදාළ රෝගියා පරීක්ෂා කර ඇති අතර, මෑතකදී වෙනිසියුලාවේ සංචාරය කර පැමිණි අයෙකු සමග ලිංගිකව එක්වීම හේතුවෙන් මෙම වෛරසය අදාළ රෝගියාට ඇතුළු වී ඇති බව තහවුරු වී තිබේ.
එමෙන්ම, ලිංගිකව එක්වීමකදී මෙම වෛරසය ඇතුළු වී ඇති නිසා, ගැබ් ගෙන ඇති කාන්තාවක් සමග ලිංගික සංසර්ගයේ යෙදුණු පුරුෂයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන බව ඇමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.