සිම්බාබ්වේහිදී සිසිල් නමැති සිංහයා ඝාතනය කළේ යැයි චෝදනා ලැබූ ඇමෙරිකානු දන්ත වෛද්‍යවරයා සිංහයන් දඩයමට නීත්‍යනුකූල අවසරයක් ලබා සිටීම හේතුවෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු නොවන බව වාර්තා වෙයි.
වෝල්ටර් පාමර් නමැති මෙම වෛද්‍යවරයා පසුගිය ජූලි මාසයේදී සිසිලි ඝාතනය කර තිබුණු අතර, එය ලොව පුරා දැඩි අප්‍රසාදයක් ඇති කළ සිදුවීමක් විය.
කෙසේ වෙතත්, තමන් දඩයම වෙනුවෙන් නීත්‍යනුකූල අවසරයක් ලැබූ නිසා තමන් නිදොස් බව ඔහු පෙර සිටම කීය.
මේ අතර, සිම්බාබ්වේ පරිසර අමාත්‍යවරයාද පවසා සිටියේ ඔහු සතුව සියලු නීත්‍යනුකූල අවසරපත් තිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ කිසිදු හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, ඔහුට මෙම දඩයම් බලපත්‍ර නිකුත් වූ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බව අමාත්‍යවරයා කීය.