දකුණු කොරියාවේ, ප්යොන්ග්ටීක් නුවර ගිනි ගනිමින් පැවති ගොඩනැගිල්ලක තුන් වැනි මහලින් බිමට පැන්න මවක හා දරු දෙදෙනෙකුගේ දිවි බේරීමේ පුවතක් වාර්තා වෙයි.
ඇය සිටි මහලට මහල් දෙකකට පහළින් ඇති වූ ගින්න හේතුවෙන් 30 හැවිරිදි කාන්තාව හා දරු දෙදෙනා බේරාගැනීම සඳහා ගොඩනැගිල්ල පහළ සිටි පිරිස් මහත් පරිශ්රමයක් දරා ඇත.
එහිදී, මුලින්ම එක් දරුවෙකු ගොඩනැගිල්ලෙන් පහළ සිටින සෙනග දෙසට ඇය දමා ඇති අතර, පසුව අනෙක් දරුවා දමා, අවසානයේ තමාද ඒ වෙතට පැන තිබේ.
එම ගොඩනැගිල්ල ආසන්නයේ ඕසාන් ගුවන් හමුදා කඳවුරේ සිටි ඇමෙරිකානු හමුදා සාමාජිකයන්ද මෙම අවස්ථාවේ සිට ඇති අතර, ඔවුන් සෙසු පිරිස සමග එක්ව විශාල බ්ලැන්කට්ටුක් අල්ලමින් පහළ සිට මොවුන් බේරාගැනීමට කටයුතු කර තිබේ.