සිවු නිවුන් දරු උපතක් සිදුකළ ලොව වයස්ගතම මව ලෙස ගිනස් වාර්තා පොතට ගිය 65 වියැති ජර්මානු ජාතික ඇන්ග්රට් රොව්නිග්ක් සිය දරුවන් සමග නිරෝගී සුවයෙන් රෝහලෙන් නික්ම ගිය බව වාර්තා වෙයි.
පසුගිය මැයි මාසයේදී සීසේරියන් සැත්කමකින් මෙම දරුවන් මෙළොවට බිහිවූ අතර, ඒ වනවිට ඔවුන් මාස හයහමාරක අඩු වයස් දරුවෝ වූහ.
ඒ නිසාම, උපතේදී ඔවුන්ගේ අඩු බර දරුවන් ලෙස මෙළොව එළිය දැක තිබුණු අතර, මේ වනවිට ඔවුන් යහපත් සෞඛ්යය තත්ත්වයෙන් පසුවන බැවින් මෙසේ රෝහලෙන් නික්ම යෑමට අවස්ථාව ලැබුණු බව රෝහල් බලධාරීහු පවසති.