සිරියාවේ සිදුවූ යුද අපරාධවලට ජනාධිපති බෂාර් අල් අසාද් ඇතුළුව එරට ප්‍රධාන මට්ටමේ බලධාරීන් සම්බන්ධ බවට සාක්ෂි ලැබී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී නවනීදන් පිල්ලේයි පවසයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති බෂාර් අල් අසාද්ට සෘජුවම මෙවැනි චෝදනාවක් එල්ල කළ ප්‍රථම අවස්ථාව මෙය බවද බී.බී.සී.ය සඳහන් කරයි.
ඒ අනුව, සිරියාව තුළ සිදුවූ දරුණු මට්ටමේ අපරාධ, යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහිව සිදුවූ බොහෝ ක්‍රියාකාරකම් පිළිබඳව සාක්ෂි සම්භාරයක් ලැබී ඇතැයි ඇය පවසයි. කෙසේ වෙතත් නවනීදන් පිල්ලේගේ මේ චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව සිරියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ෆයිසාල් මෙක්ඩාඩ් සඳහන් කර සිටී.
සිරියාව ජාත්‍යන්තර යුද අධිකරණය ඉදිරියට කැඳවිය යුතු බවට මීට පෙරදීද නවි පිල්ලේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටියේය. සිරියාව ජාත්‍යන්තර යුද අධිකරණයේ සාමාජික රටක් නොවීම ඇගේ මෙම යෝජනාවට හේතුව විය.
එහෙත් ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් වන චීනය සහ රුසියාව මෙයට දැඩි ලෙස විරුද්ධ විය. මේ අතරම වසර තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන සිරියානු ගැටුම් හේතුවෙන් මේ දක්වා එක්ලක්ෂ විසිපන්දහසකට අධික පිරිසක් මිය ගොස් ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවිධාන කියා සිටී